/ Mar 12, 2025

ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න චමල් සූදානම්!

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තමන්ද තරඟ වැදීමට සූදානම් බව හිටපු කතානායක, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපේක්ෂකයන් තෝරා ගැනීමට තංගල්ලේ පැවැති රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එහි පැමිණි අපේක්ෂකයන් කැමැති නම් තමන්ද එම මැතිවරණයට තරඟ කිරීමට සූදානම් බව කියා සිටි ඔහු, අද පොදුජන පෙරමුණ පහළ තැනක සිටින බවත් දේශපාලනයේ ඉහළ පහළ යෑම් ස්වභාවය බවත් වැඩිදුරත් කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top