රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු, හිටපු කතානායකවරයෙකු සහ හිටපු ඇමැතිවරයෙකු වන චමල් රාජපක්ෂ නුදුරේදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
එයට අදාළ චෝදනාව ලෙස පැවසෙන්නේ, පසුගිය අරගල සමයේ සිය නිවස ගිනි තැබූ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කිරීමයි. 2022 මැයි 9 වැනි දින තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවස ගිනි තැබූ බවට ඔහු තොරතුරු ලබා දී මෙම මුදල් ලබා ගෙන ඇතද නිවෙසට හානියක් සිදුව නොමැති බව පැවසේ. කෙසේ වෙතත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.