ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් වැඩිකර තිබේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී.
ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.






