ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම නව ගැසට් නිවේදනයට අනුව ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව දැක්වෙයි.
ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාළු මිල රුපියල් 480ක් විය යුතු බවත් එහි දක්වා ඇත.
ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු මිල රුපියල් 240ක් විය යුතු අතර, ග්‍රෑම් 425ක ජැක් මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 560ක් විය යුතු වෙයි.
මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළදාම් කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවත් ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබේ.




