හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට සහ ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධි චෝදනා ගොණු කර තිබේ.
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එලෙස ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොණු වී ඇත.
අදාළ නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදුකර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ධම්මික රණතුංග අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියි.





