/ Mar 13, 2025

ඌරන්ට තැබූ වෙඩිල්ලෙන් මල් කැකුළකට දිවි අහිමි වෙයි

HETTIPOLA CHILD DEATH

කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටියදී දැරියක් මියයෑමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇත.

මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

වෙඩිවැදීමෙන් දැරියගේ මිත්තණියද තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top