ජපන් චිත්‍රපට තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.
ආනයනික ජපන් චිත්‍රපටවල පූර්ණ වෙළඳපල ක්‍රියාකාරිත්වය සහ චීන ප්‍රේක්ෂකයින්ගේ හැඟීම් පිළිබඳව තක්සේරු කිරීමෙන් පසු එම තීරණය ගත් බව අදාළ චිත්‍රපට ආනයන හා බෙදා හැරීමේ ආයතන විසින් තහවුරු කර ඇත. ‘Crayon Shin-chan the Movie:Super Magificent! Scorching Kasukabe Dancers’ හා ‘ Cells at Work!’ යන ජපන් චිත්‍රපට එලෙස තිරගත කිරීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
‘Demon Slayer: Kimetsu no Yaiba – The Movie: Infinity Castle’ යන ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීමෙන් පසු මුල් කාලයේ බොක්ස් ඔෆිස් ආදායම් ලබා ගැනීමට ද සමත් විය. එහෙත් ජපාන අගමැතිනිය චීනය හා සම්බන්ධ ව අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමත් සමගම චීන ප්‍රේක්ෂකයන් තුළ දැඩි අප්‍රසාදයක් මතුව තිබෙන අතර ඇගේ එම ප්‍රකෝපකාරී ප්‍රකාශවලින් එල්ල වූ බලපෑම් හේතුවෙන් අදාළ චිත්‍රපටය තිරගත කිරීමෙන් දින 3කට පසු බොක්ස් ඔෆිස් ආදායම කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙන බව සඳහන්.
එමෙන්ම එම චිත්‍රපට සම්බන්ධයෙන් වෙළඳපොලේ පවතින ජනප්‍රියත්වය ද අඩු වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව චීනයේදී තිරගත කිරීමට නියමිත ව ඇති ජපන් චිත්‍රපට සම්බන්ධයෙන් ද චීන ප්‍රේක්ෂකයින් තුළ දැඩි අප්‍රසාදයක් මතුවනු ඇතැයි විශ්වාස කරන අතර අදාළ චිත්‍රපට ආනයන හා බෙදාහැරීමේ ආයතන ප්‍රකාශ කරන්නේ වෙළඳපොලේ නීතිරීති අනුව, ප්‍රේක්ෂකයින්ගේ කැමැත්තට ගරු කරමින් එම චිත්‍රපට චීනයේදී තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.
මේ තර චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු කාලය තුළ ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැඩිව උපදෙස් දී තිබේ. .
මේ වන විට ජපානයේ සිටින චීන සංචාරකයින්ගේ ආරක්ෂාව සමීපව නිරීක්ෂණය කරමින් ස්වයං ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බව එම අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත. හදිසි අවස්ථාවක් සිදු වුවහොත් වහාම පොලීසියට වාර්තා කරන ලෙසත් සහාය සඳහා ජපානයේ චීන තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය අමතන ලෙසත් එම අමාත්‍යංශය උපදෙස් දී ඇති බවයි වාර්තා වෙයි.
චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා ඊයේ(13) චීනයේ සිටින ජපන් තානාපති Kenji Kanasugi කැඳවමින්
ජපාන අගමැතිනි Sanae Takaichi චීනය හා සම්බන්ධ ව සිදු කළ වැරදි ප්‍රකාශ කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කර තිබෙන අතර ජපානයට එරෙහි සියලු වාරණයන් ඒ සමඟ බැඳී පවතියි.
චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ Sanae Takaichi ගේ ප්‍රකාශ අතිශයින්ම වැරදි සහ භයානක ක්‍රියාවක් බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong පවසයි. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන දැඩි මැදිහත්වීමක් පමණක් නොව, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික පටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසයි ඔහු දක්වා ඇත්තේ.
එමෙන්ම පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ ජාත්‍යන්තර පටිපාටිය විනාශ කර එකම චීනය මූලධර්මය මෙන්ම චීන-ජපන් දේශපාලන ලේඛන 4ක චින්තනය දැඩි ලෙස උල්ලංඝනය කරන Sanae Takaichi ගේ ප්‍රකාශය, චීන-ජපන් සබඳතාවේ දේශපාලන පදනම ද විනාශ කරන බව ඔහු පවසයි.
චීන ජනතාවගේ හැඟීම්වලට ද හානි සිදු කරන එම ප්‍රකාශය බිලියන 1.4ක ජනගහණයක චීන ජනතාව කිසිසේත් පිළිනොගන්නා බවද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා සඳහන් කර තිබේ.
තායිවානය කිසිදා චීනයෙන් වෙන් කළ නොහැකි මව්භූමියේ කොටසක් බවත් තායිවාන කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් ඔහු අවධාරණය කරයි. ඉතිහාසයේ සිදු කළ වැරදි ක්‍රියාවන් හා තමන්ට පැවරී ඇති වගකීම් පුළුල් ලෙස අවබෝධ කර ගනිමින් ජපානය සිය වැරදි ප්‍රකාශ වහාම නිවැරදි කර ගත යුතු බවත් වැරදි මාර්ගයේ තවදුරටත් ඉදිරියට නොයන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටියි.
එසේ නොවුනහොත් ජපානයට සියළු දරුණු ප්‍රතිඵල භාර ගැනීමට සිදු වනු ඇති බව ද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා ප්‍රකාශ කර තිබේ.





