ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔවුන් පවසන්නේ වත්මන් ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ පියවර මෙන්ම කඩිනම් සාධාරණ විමර්ශනයකට සහාය වන බවයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
ඉන්දියාවේ සහ පාකිස්ථානයේ අසල්වැසි රටක් ලෙස, චීනය අපේක්ෂා කරනුයේ දෙපාර්ශ්වය සංයමයෙන් කටයුතු කරමින් එකම දිශාවක ගමන් කරනු ඇති බවත් කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අදාළ ගැටළු, සංවාද හා සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් Guo Jiakun චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.