/ Apr 30, 2025

ට්‍රම්ප්ගේ උද්දච්චකම අබියස චීනය යුරෝපය දෙසට හැරෙයි

China turns to Europe

චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළඳ සබඳතා යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කඩිනම් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.

චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා සහ යුරෝපා සංගමයේ වෙළඳාම හා ආර්ථීක කමිටුවේ කොමසාරිස් Maros Sefcovic මහතා පසුගිය දා  සිදු කළ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණය කර තිබේ. චීන-යුරෝපා ආර්ථීක සහ වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම මෙන්ම ඇමරිකාවේ තීරුබදු පැනවීමට මුහුණ දීම පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයෝ එහිදී අදහස් හුවමාරු කළහ. 

වත්මන් තත්ත්වය යටතේ රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය චීනය හා යුරෝපය පොදුවේ සුරක්ෂිත කරමින් සිටී. එහිදී චීනය හා යුරෝපය අතර නිදහස් හා පහසු වෙළඳ ක්‍රමයක් අනුගමනය කිරීම ලෝක ආර්ථිකයට හා ගෝලීය වෙළඳාමට වඩාත් වැඩි ස්ථාවරත්වයක් හා නිශ්චිතභාවයක් ලබා දෙනු ඇති බව Wang Wentao මහතා එහිදී පැවසීය.

ඇමරිකාව තීරුබදු පැනවීම ජාත්‍යන්තර වෙළඳාමට සිදු කළ බරපතල පහර දීමක් බවත්, ඉන් යුරෝපයට, චීනයට මෙන්ම දුර්වල රටවලට දරුණු බලපෑම් එල්ල වූ බවත් Maros Sefcovic මහතා සඳහන් කළේය. එබැවින් චීනය ඇතුළු ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයන් සමග එක්ව ගෝලීය වෙළඳාමේ නිසි ක්‍රමවේදය පොදුවේ ආරක්ෂා කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය. 

ඒ අනුව චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් ව යළි ආරම්භ කිරීම, වෙළඳාමේ හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙන්ම වෙළඳ ගැටලු නිසි ආකාරයෙන් විසඳා ගැනීමට ද දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණ ඇත. තවද ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ශක්තිමත් කරන බවද එහිදී ප්‍රකාශ කෙරිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top