/ Jul 27, 2025

එක්නැලිගොඩගේ නඩුවේ සාක්ෂි දෙන්න සීඅයිඩී ලොක්කාව නම් කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරු දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 7කට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර නම් කර තිබේ.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙම තීරණය දැනුම් දී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

2010 වර්ෂයේ ජනවාරි මස අග භාගයේ දිනක ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩාලච්චේනෙ, අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් තවත් පිරිසක් සමඟ එක්වී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදු කළ බවටද විත්තිකරුවන් වෙත චෝදනා නගා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top