හිටපු ඇමැතිවරු සහ වත්මන් මන්ත්‍රීවරු ඇතුළු 40කට ආසන්න පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම ඇරඹී ඇති බව වාර්තා වේ. රහස් පොලිසියේ වත්කම් විමර්ශන කොට්ඨාසය මේ ගැන කටයුතු කරගෙන යන බව සැලයි.
බොහෝ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට ඇති බැවින් විමර්ශන සංකීර්ණ වී තිබෙන බව වාර්තා වේ.
බැංකු ඇතුළු විවිධ ආයතනවලින් වාර්තා ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමට කාලයක් ගතවන බවයි පැවසෙන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ අයථා ලෙස වත්කම් ඉපැයූ හිටපු බලවතුන් සම්බන්ධයෙන් පැමිණිලි ගලා එන බවයි.
කරනකලට පව් මිහිරිය පැණි සේ, වින්දින කලට දුක් දැඩිවෙයි ගිනි සේ .
මේ කියමන කොයි ආණ්ඩුවේ ලොක්කන්ටත් සාධාරණයි
දුෂණය රට පාවාදීම මිනී මැරීම යනාදී කී නොකී සියල්ල මීට ඇතුළත්ය. ස්වභාව ධර්මයා සාධාරණව නඩු අසන දවසක් එනබව සියල්ලෝ දැනසිටිත්වා.