/ Jan 11, 2026

ආයතන හයක ගසා කෑ අයට ළඟදීම වැඩ වැරදේ!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රාජ්‍ය ආයතන හයක වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ තොරතුරු වාර්තා වැඩි දුර නෛතික ක්‍රියාමාර්ග සඳහා රහස් පොලිසියට භාර දීමට තීරණය කර තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතන හයට අදාළව මෙම වාර්තා භාර දෙන බවයි කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ.

මෙකී ආයතනවල සිදුව ඇති දූෂණ වංචා අතරින් බරපතළම ඒවා තෝරාගෙන මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top