2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
තව ද හිටපු අමාත්‍ය ටිරාන් අලස් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය අධිකරණයට දැනුම්දුන්නේ ය.