නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එනු ලැබූ රුපියල් විසිහත් කෝටි හතළිස් ලක්ෂ දහඅට දහස් දෙසීයක පමණ වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් මුතුරාජවෙලදී විනාශ කරනු ලැබ තිබේ.
පසුගිය මැයි සහ ජුලි අතර මාස දෙකක කාලයකදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල හරහා ගෙන ඒමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී දුම්වැටි ලක්ෂ 19කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස විනාශ කර ඇත.
මෙය දේශීය වෙළෙඳපොලට නිකුත් වූයේ නම් සිදුවන රාජ්‍ය අදායම අහිමිවීම ලක්ෂ 2000 ඉක්මවන බවද රේගු ආරංචිමාර්ග පවසයි.