/ Jan 11, 2026

පොල් පිටරට පටවා ඩොලර් බිලියනයක් ලැබිලා!

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන (අගය එකතු කළ) අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර්  බිලියනය ඉක්මවා ගොස් තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයකි.

පොල් ගෙඩි අපනයනය කිරීමට වඩා එකතු කළ අගයන් මත පොල් නිෂ්පාදන අපනයනය කිරීම මෙම ජයග්‍රහණයට හේතුව බව කියති. දියරමය පොල් කිරි, වර්ජින් පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල් (DC), ඇක්ටිවේටඩ් කාර්බන් (Activated Carbon) සහ කොකෝ පීට් (Coco Peat) වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇති අතර මෙරට අපනයනවලින් 7.2% ක් පොල් ආශ්‍රිත නිෂ්පාදන වේ.

2025 වසරේදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පොල් අපනයනයෙන් ඩොලර් බිලියනයක ඉලක්කයක් ගැන සඳහන් කර පොල් නාස්තිය අවම කිරීම ගැන පළ කළ අදහස් විවේචනයටද ලක් විය. කෙසේ වෙතත් මේ වන විට නි. අමාත්‍යවරයා පැවසූ ඉලක්කය ජයගෙන තිබේ. 2030 වන විට ඩොලර් බිලියන 2.5ක අපනයන ආදායම් ඉලක්කයක් වෙනුවෙන් රජය කටයුතු කරන බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top