විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21) සංවිධානය කර තිබෙන මහජන රැළියට විරෝධය පළකරමින් කොළඹ කොටුවේදීත් විරෝධයක් පැවැත්විය.
අපේ පරපුර පක්ෂය විසින් එය සංවිධානය කර තිබුණු අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ සභාපති සිදම්බරන් කරුණානිධි පැවසුවේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල හමුවේ පසුගිය පාලන සමයන්වල කළ ආසාධාරණ වැඩ හේතුවෙන් සිරගතවීමට නියමිත පිරිස බේරා ගැනීම වෙනුවෙන් විපක්ෂය එම රැළිය සූදානම් කර ඇති බවයි.
ආණ්ඩුව වුවද වැරදි සාදා ගනිමින් ඉදිරියට යා යුතු අතර මේ වන විට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙල ආරක්ෂා කරගත යුතු බව ඔහු සඳහන් කළේය.
මේ වන විට විපක්ෂයේ සිටින නාමල්, සජිත්, රනිල් ඇතුළු සියලු දෙන ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන පසුබිමක ඔවුන්ට නැවත බලයට පැමිණීමට හැකියාවක් නොමැති අතර ජාතිවාදය අවුස්සමින් සිංහල ජන්ද කඩා ගැනීමට උත්සහ කරන බවද සිදම්බරන් මහතා කියා සිටියේය.
කෙසේවෙතත් අද දින නුගේගොඩ රැළියට පැමිණ සිටින්නේ මස් කඩයටත් ගොස් ප්‍රතික්ෂේප වී පැමිණි පිරිසක් බවද ඔහු සඳහන් කරන ලදී.
”රාජපක්ෂලාගේ කාලකන්ණි යුගය නැවත මේ රටට ගෙන්වන්න ඉඩ දෙන්නේ නැහැ. පහුගිය කාලයේ කරපු අසාධාරණ දේවල් වලින් පිරිසක් හිරේ යාමට සුදානමින් සිටිනවා. නාමල් සහ ගෝලයෝ ඔවුන් ටික බේරගන ආණ්ඩුවට චෝදනා කරනවා. ආණ්ඩුවත් අඩුපාඩු ඇත්නම් වැරදි හදා ගන්න ඕනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා පවා අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය 69 ලක්ෂයක් ජන්ද අරන් අවුරුදු දෙකෙන් මොකද වුනේ. නාමල්ට ජන්ද හම්බුනේ ලක්ෂ 3යි. ජනතාව පයින්ගහල එලවල තියෙන්නේ රාජපක්ෂ පරම්පරාව. නායකයෙක් නම් නායකයෙක් වගේ ජනතාවත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නමුත් හැංගිලා, කුමන්ත්‍රණ කරන්නේ. ලැජ්ජයි නාමල් ලැජ්ජයි. විපක්ෂ නායකගේත් කයිය විතරයි. විපක්ෂ නායකත් හැංගිලා. රනිල් නෑ. සල්ලි දීලා මිනිස්සු ගෙනවනවා. අපි අවේ සංදර්ශනවලට නෙවෙයි. ජනතාව ඇත්ත දැනගන්න ඕනේ. ජනතාවට ඇත්ත කියන්න අපි ආවේ. මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්. ඔය කාලකන්ණින්ට රට නැවත දුනොත් මොකද වෙනේ කියල මිනිසු දන්නවා. පරම්පරා දහයක් ණය කරලා තියෙන්නේ.”
මේ අතර වතුකම්කරු ජනතාව වෙනුවෙන් වැඩිකළ වැටුපට විපක්ෂය දැක්වූ විරෝධයටද මෙහිදී විරුද්ධත්වය ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද දෙමළ ජනතාවගේ ජන්ද ගෙන ඔවුන්ටම පිටුපාන්න හදන බවයි අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරන් කරුණානිධි තවදුරටත් පැවසුවේ.






