/ Dec 06, 2025

කොළඹ නුවර පාර කෑගල්ලෙන් වසා දමයි

කොළඹ – නුවර මාර්ගය කෑගල්ලෙන් වසා දමා ඇතැයි වාර්තා වේ. ඒ මිහිපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් ඇති බැවින් බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

කොළඹ – නුවර මාර්ගයේ ධාවනය කරන රථවාහන කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය කරුණක් හැරුණකොට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top