පාර්ලිමේන්තුවට පමණක් නොදෙවෙනි වැදගත්කමකින් සැලකෙන කොළඹ මහනගර සභාවේ පුරපතිනි ලෙස බහුතර ඡන්දයෙන් ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් පත්ව තිබේ.
ඇය ඡන්ද 61 ක් ලබාගෙන ඇති අතර සමගි ජනබලවේගයේ අපේක්ෂක මොහොමඩ් සාරුක් ලබාගෙන ඇත්තේ ඡන්ද 54ක් පමණි. ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී ඇත.
පළාත් පාලන මැතිවරණයේදී කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා කොළඹ මහනගර සභාවේ පුරපති සටන උණුසුම් මුහුණුවරක් ගත්තේ ය.