ඊයේ (26) දින කොළඹ පෝර්ට් සිටි වරායට අයත් කෘත්‍රීම මුහුදේ දී අනතුරට ලක්ව අතුරුදන් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ සිසුවාගේ සිරුර මේ වන විට සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනයෙන් සහ වෙනත් මාධ්‍යවලින් දක්වා තිබුණේ, මෙම ශිෂ්‍යයා ඇතුළු පිරිස විනෝදාංශයක් ලෙස පිහිනීමට ගොස් සිටියදී එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි.
කෙසේ වෙතත්, සමහර තොරතුරු මූලාශ්‍ර පවසන්නේ මෙම සිසුන් පර්යේෂණ කටයුත්තක් සඳහා මෙලෙස මුහුදු පතුළ නිරීක්ෂණයට එක්ව සිටියදී මෙසේ අතුරුදන්ව තිබු බවයි. අතුරුදන් ශිෂ්‍යයා කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලද දීප්තිමත් සිසුවෙකු බවත් දැනගන්නට ඇත. ගම්පහ – අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ වෙතත්, අප කොළඹ විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අංශයෙන්ද, උප කුලපති කාර්යාලයෙන්ද, රෙජිස්ට්‍රාර් අංශයෙන්ද මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර කිසිදු වැදගත් තොරතුරක් ලබා ගැනීමට හැකි වූයේ නැත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ, පිරිසක් විනෝදාංශයට පිහිනීමට ගොස් මෙසේ අනතුරට ලක් වූ බවයි. මෙම ශිෂ්‍යයා පර්යේෂණ කටයුත්තකට ගොස් අනතුරට ලක්වූයේ නම් මෙම මාධ්‍ය නිවේදනය හරහා බලවත් අගතියක් සිදුවන බව පැවසිය යුතු ය.
පොලිස් මාධ්‍ය නිවේදනයේ කොටසක් පහතින්,
