/ Aug 07, 2025

ඉතිහාසය පාට කිරීම

දෛනිකත්වයෙන් රඳවා ගන්නා යම් තත්පර කිහිපයක්, නිශ්චලව; නිශ්චිතව සේයාරුවක වැතිරෙයි. ඒ නිමේෂයන් ඉතිහාසයට බැර කරමින් ජීවිතය ගලා යයි. ඉතිහාසය රූ පිරුණු ගැලරියක් නම් ඒවායින් බොහොමයක් ම කළු සුදු ඡායාරූප නිසා ඉතිහාසය වර්ණ රහිත යැයි අපට ඉබේටම මෙන් සිතේ. එමෙන්ම කළු, සුදු රැගෙන එන්නේ බරපතල සේම තරමක දුක් මුසු බවක් වන නමුදු එහි රැඳුණු යම් නිස්කලංක ස්වභාවයක්ද ඇත.

පියමං වූ දිගු කාලය තුළ, මතක ගල්ගැසී ඇති එම කළු, සුදු සේයාරූවලට වර්ණ ඉසීමක් සිදුවුවහොත්…..?

ඉන් යම් දිළිසුමක්; පිබිදුමක් දැනේවිද..?

නොඑසේනම් එබඳු සංරක්ෂිත සේයාරූ වලින්, ඉතිහාසයේ කවුළු ලෙස ඔවුන් ට නියමිත කාර්ය භාරය මඟහැරී යාවිද..?

තීරණය ඔබේය.

දුම් පාට අඟුරු කඩන්නෝ..

1890-1910 අතර කාලයේ ගන්නට ඇතැයි සැලකෙන මෙම සේයාරුව පෙන්වන්නේ ලමා ශ්‍රමිකයන් තිදෙනෙකි.

ටයිටැනික් අනාථයෝ

මේ, 1912 දී ඓතිහාසික ‘ටයිටැනික්’ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත්  Michel සහ Edmund යන  Navaratil පවුලේ සොහොයුරන් දෙදෙනා ය.  මොවුන්ගේ දෙමාපියන් එයින් අහිමිවීම නිසා ‘ටයිටැනික් අනාථයන්’ ලෙසද මොවුන් හැඳින්වේ.

දිරිය දෑත්

1918 දී ගත් මෙය, පලමු ලෝක යුද්ධයෙන් සිය දෑත් අහිමිවුණු සොල්දාදුවෙක්, සවිකරන ලද කෘතිම අත්වලින් ලියන්නට පුරුදු පුහුණු වන ආකාරය පෙන්වයි.

බේබි කූඩු

මෙය තොටිල්ලක් නොවේ. 1930 ගණන් වල දරුවන් කොටු කර තැබූ කූඩු විශේෂයකි. මෙය ‘baby cage ‘   නම් වන අතර මහල් නිවාස වල හැදෙන දරුවන්ට හිරු එළිය හා පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස එකල සැලකිණි.

දීඝ ජන්තුවා

මේ 1935 දී ලොව උසම මිනිසා ලෙස සැලකුණු Illinois Robert Wadlow සිය පවුල සමග ගත් එකකි. ඔහු එවකට අඩි අටයි අඟල් 11 ක් වන දීඝ ජන්තුවෙකි.

Do your bit…

Skate to work…

දෙවන ලෝක යුද්ධය අතරතුර Newyork  නුවර වීදිබට මේ සුරූපිනියන් ඉහත ස්ලෝගනයෙන් (slogan) පවසන්නේ සිය වගකීම ඉටු කිරීම මෙන්ම ඉන්ධන පිරිමැසීම පිණිස  විකල්ප තෝරා ගත යුතු බවයි.

යුද්ධයේ අඳුරු සෙවණැලි පසෙක ලා ඔවුන් හිනැහෙන අයුරු….

පරමාණු කඳුළු

1945 දී හිරොෂිමාවට බෝම්බ හෙළා මාස හතරක් ඉකුත් වූ දිනක Alfred Eisenstaedet මේ

සේයාරුව ගනී. මේ වසරේ අවසන් මාසයයි. වැනසුණු පුරවරය පසුබිම් කරගත් සම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු මව සහ පුතාගේ මුහුණු දෙස බලන්න.

එහි ඇත්තේ බිය මුසු සොවක් නොවේද..

නිකරුණේ ගැවසීමේ මිල

‘නිකරුණේ ගැවසීමේ’ චෝදනාවට 1958 දී අත්අඩංගුවට ගත් කනිෂ්ඨ Martin Luther King ය මේ. ඔහු නිදහස පිළිබඳ විප්ලවීය ආරම්මණයන් සිය හද තුළ දරා සිටින මොහාතක්  වන්නට ඇත මෙය.

ජීවයේ හාදුව- The kiss of life

1967 දී ගත් මෙය   පුලිට්සර් සම්මාන දිනූ ප්‍රකට සේයාරුවකි.

විදුලි සැරයෙන් සිහි විසංඥ වෙන සිය සේවා මිතුරා ගලවා ගන්නට අනෙකා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන අවස්ථාවකි.

ෆෝර් ජෙන් ඉන් වන්

1970 වසරේ නිව්ගිනියාවේ, එකම පවුලේ, පරම්පරා හතරක් එකට රැන්දූ මෙම සේයාව Irvin Penn විසින් ගත් එකකි.

උද්යෝගී පලිහක්කාර

Picture credit to   r/ colorized History

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top