මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.
මෙකී පැමිණිලිල් එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් සිදු කර ඇතැයි සඳහන්.
මෙම පැමිණිල්ලේ මූලික කරුණ වන්නේ 2019 වසරේදී ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති අරමුදලින් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක (රු. 27,500,000) මුදලක් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවභාවිත කළ බවට වන චෝදනාවයි.
එප්පාවල සමුපකාර සමිතිය 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ඉල්ලා ඇත. අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2019 ජනවාරි මාසයේදී, එනම් සිරිසේන මහතාගේ ජනාධිපති ධූර කාලය තුළ ආරම්භ කර තිබේ. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා, අදාළ භූමියේ තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති අතර, එම කඩකාමරවල තිබූ වටිනා දොරවල්, ජනෙල්, උළුවහු සහ ආසන ඇතුළු භාණ්ඩ අස්ථානගත වී ඇති බව ද වාර්තා වේ.