විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට අදාළ පරිගණ පද්ධති බිඳ වැටීමක් නිසා මෙම දැනුම් දීම කර ඇති බව සඳහන්. මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ වන විට එය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
“ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ සිදුව හදිසි තාක්ෂණික දෝෂයක් නිසා අපිට එක්දින සහ සාමන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය මේ අවස්ථාව වනවිටත් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මෙන්ම අවශ්‍ය තාක්ෂණික කමිටුවක් විසින් මේක යථාවත් කිරීමට කටයුතු කරනවා. මේක යථාවත් බවට පත්කළ හොත් අපිට පුළුවන් ඒ මොහොතේ පටන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. අපට ඉතා හදිසි නොවන අවස්ථාවකදී ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව පෙළඹෙන්නේ නම් ලබන සතියේ සිට මෙම කාර්යාලයට හෝ අපගේ ශාඛා කාර්යාල වෙත ගමන් කරන ලෙසට මහජනතාව දැන්වත් කරන්නේ.”
“අපගේ 1962 දුරකතන අංකය වෙබ් පිටුවට ඔබගේ අවධානය යොමුකරලා පැමිණීමේ හැකියාව තියෙනවා. අපගේ වෙබ් පිටුව තුළ නිරන්තරයෙන් අපි මේ පිළිබඳව යාවත්කාලීන කරනවා. ඔබට හැකියාව තියෙනවා අපේ දත්ත පද්ධතිය යාවත්කාලීන වුණ වහාම මෙම කාර්යාලයට පැමිණෙන්න. එසේ නොපැමිණෙන්නේ නම් 1962 දුරකතන අංකය මගින් විමසලා මහජනතාවට ඕනෑම අවස්ථාවදී කාර්යාලයට පැමිණෙන්න. එහෙම නොවන අවස්ථාවකදී ලබන සතියේදී ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණෙන්න. දත්ත පද්ධතියේ තාක්ෂණික දෝෂය සියලුම ශාඛාවලට බලපානවා.”





