/ Jul 23, 2025

මහපාන්දර නිවෙසකට රිංගා දැරියකට හදි කරන්න හැදූ කොස්තාපල් නැව් ගුටි කා රෝහලේ!

Police commission goes up- TRAFFIC POLICE

දෙහිවල ප්‍රදේශයේ නිවසකට හොර රහසේ ඇතුළු වී බාලවයස්කාර දැරියකට අතවර කිරීමට වෑයම් කළ පොලිස් කොස්තාපලකොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (20) අලුයම 2.30ට පමණ මෙම කොස්තාපල්වරයා නිවසෙහි ඉදිරිපස දොරෙන් ඇතුළු වී ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත. නිවසේ නිදා සිටි 13 වියැති දැරියට අතවර කිරීමට උත්සාහ කර ඇති අතර ඇයගේ කෑගැසීම නිසා අවදි වූ නිවැසියන් සැකකරු අල්ලාගෙන ඇත.

නිවැසියන් කොස්තාපල්වරයාට පහරදී ඇති අතර නිවැසියන්ගේ දැනුම්දීම අනුව එහි පැමිණි දෙහිවල පොලිසියේ ජංගම සංචාරක ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයට අනුයුක්තව විශේෂ රාජකාරි සඳහා දෙහිවල පොලීසියේ සේවය කළ නිලධාරියෙකු බව තහවුරු වී තිබේ.

පහරකෑමෙන් තුවාළ ලබා ඇති පොලිස් කොස්තාපල්වරයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top