ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(17) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අලුත්ගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු හා මාස එකහමාරක කාලයක් නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ශාන් නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ද මේ අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් මත අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ අදාළ කොස්තාපල් ඇයගේ බෑණා බවයි.
තවද, පොලීසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා කාන්තාවගේ බෑණා බවයි.