/ Oct 18, 2025

කජ්ජාගේ පුතාගෙන් නැවත ආන්දෝලනාත්මක ප්‍රකාශ: මට කාවවත් බේරන්න ඕන නෑ!

වෙඩි තබා ඝාතනය කළ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා යන අයගේ පුත් ඉඳුවර විදානගමගේ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක් වන ටෘෘත් විත් චමුදිත වෙත එක්ව දීර්ඝ සාකච්ඡාවක් ලබා දී ඇත.

එහිදී ඔහු පවසා සිටින්නේ තමන්ගේ පෙර ප්‍රකාශ වියරුවෙන් ලබා දුන් ඒවා බවත් දැන් තමා කතා කරන්නේ ප්‍රකෘතියෙන් බවත් ය. ඔහු තම පියාගේ ඝාතනය පිටුපස සිටින්නේ යැයි සැක කරන සැබෑ අපරාධකරුවන් සොයා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් එහි ඉල්ලා සිටී.

රාජපක්ෂලා හෝ වෙනත් කිසිවකු හෝ බේරීමට තමා උත්සාහ නොකරන බවත් තම පියාගේ ඝාතනය පිටුපස මනම්පේරිගෙන් එහා පිරිසකුත් සිටින බවත් ඔහු අවධාරණය කරයි.

පියාගේ ඝාතනයට ජනක නම් පොලිස් නිලධාරියෙකුද සම්බන්ධව සිටී. පියා නිවසෙන් එළියට ගත්තේ ඔහුය. ඝාතනය සිදු කළ වෙඩික්කරුවා රොෂාන් නම් අයෙකි. ඔත්තු බැලුවේ ජීවන් නමැත්තෙකි. ඝාතනය පිටුපස බැකෝ සමන් සිටින අතර මනම්පේරිට අවශ්‍ය වූයේ දේශපාලන පාර්ශ්වයේ අවශ්‍යතාව ඉටු කිරීමටයි.

ඝාතනය සිදුවූ කල මව විදේශගතව හෝ වෙනත් ස්ථානයක සිට තිබේ. ඉඳුවර පවසන පරිදි ඔහුගේ මවට රාජපක්ෂවරු සමඟ ඇත්තේ සමීප සබඳතාවකි. ඇය නාමල් රාජපක්ෂ ආමන්ත්‍රණය කරන්නේ මල්ලී යනුවෙනි.

කෙසේ වෙතත් ඉඳුවර විදානගමගේ සිය පියාගේ ඝාතනය හා බැඳුණු කරුණු ගණනාවක් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙහිදී සිදු කරයි.

කජ්ජා නමැත්තාගේ නම වසීම් තාජුඩීන් රගර් ක්‍රීඩකයා ඝාතනය සම්බන්ධයෙන් ඍජුව ඈඳී ඇති අතර ඉදිරියේදී බොහෝ ආන්දෝලනාත්මක කරුණු මතුවිය හැකි ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top