/ Mar 12, 2025

බඩ ඉරිඟු නැවත ගෙන්වයි

CORN IMPORTED

පසුගිය සමයේ නවතා තිබූ බඩඉරිඟු ආනයනය අප්‍රේල් 01 සිට නැවත වරක් ආරම්භ කිරීමට වත්මන් රජය තීරණය කර තිබේ.

පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී අමාත්‍ය ලාල් කාන්ත මේ බව දැනුම් දී ඇත.

එහිදී මෙරටට අවශ්‍ය බඩඉරිඟු තොග සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර ඒ අනුව සත්ත්ව අහාර සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වැනිදා දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 275,000 අසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දන්වා තිබේ.

කෙස් වෙතත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක වාර්ෂික අවශ්‍යතාවය පවතින නමුත් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය එම අවශ්‍යතාවය සපුරාගැනීමට ප්‍රමාණවත් නොවන බව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top