ජනාධිපති විශේෂ සමාව යටතේ නුසුදුසු රැඳවියෙක් නිදහස් කර යැවීම සම්බන්ධ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔහුව අද (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි.