/ Jun 08, 2025

ආගමන විගමන පාලකගේ ඇප ඉල්ලීමට අධිකරණය දුන් නියෝගය

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා ඇප මත මුදාහරින ලෙස කරනු ලැබූ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top