/ Jun 25, 2025

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණය දුන් නියෝගය

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.

ජනපති සමාව අවභාවිත කරමින් වෙනත් සිරකරුවෙකු මුදා හැරි බවට චෝදනා එල්ල කරමින් අදාළ බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඒ අනුව, බන්ධනාගාර අධිකාරීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර එම නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනි දින නැවත කැඳවීමට ද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top