චෙම්මනි – සිත්තුපත්ති සමූහ සුසානයේ තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ කරන නිල දිනය ලබන මාර්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (09) නියෝග කළේය.
එදිනම මෙම නඩුවට අදාළ මීළඟ විභාගය පැවැත්වීමට ද අධිකරණය තීරණය කර තිබේ.
අද දින එම නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සමූහ සුසානය පිහිටි භූමිය නිරීක්ෂණය කරනු ලැබීය.
ස්ථානීය නිරීක්ෂණයෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා, ලබන මස 16 වැනිදා නඩුව යළි කැඳවන දිනම කැණීම් සඳහා දින නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
එමෙන්ම ඉදිරි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය වන වියදම් ඇස්තමේන්තුව ඇතුළත් වාර්තාවක් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.





