ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් ගණනාවකට පැනවූ තීරු බදු බොහොමයක් නීති විරෝධී බවත් එසේ බදු පැනවීමට ඇමරිකානු ජනපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබේ.
එම අධිකරණයේ 11 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මෙම තීරු බදු අභියාචනය විභාග කර ඇති අතර එම පිරිසෙන් වැඩි බහුතර එකඟත්වයෙන් මෙම තීන්දුව නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, ඇමරිකාව සහ එරට සමඟ වෙළෙඳ ගනුදෙනු පවත්වන රටවල් අතර මෙම තීරුබදු සම්බන්ධ සාකච්ඡා පැවැත්වෙන අතරතුර ලැබුණු අධිකරණ තීන්දුව විශේෂිත වේ.