පොළොන්නරුව බස් නැවතුම්පලේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමක් ඇතිව තිබේ.
එම ගැටුම අතරතුර තුවාල ලැබූ ඩිපෝ කළමනාකාරවරයෙක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ, මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අතරමගදී පෞද්ගලික පන්ති සඳහා සහභාගි වන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් නංවා ගැනීම හේතුවෙන් පෞද්ගලික බස්රථවලට මගීන් අඩුවීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.
මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයා ද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට දී හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දී ඇත.
මෙම පහරදීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135කට ආසන්න සංඛ්‍යාවක සේවකයන් අද (26) දින බස් රථ වර්ජනයක් සිදුකිරීමට කටයුතු කර තිබේ.