සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වන විට මහනුවර නගරයට දැරිය නොහැකි තරමට ජනකායක් එක් රැස්ව සිටින බව වාර්තා වේ. එම මුළු පිරිසටම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අපහසුවීම සහ තෙරපීම වැනි හේතු නිසා නොසන්සුන්තාද හටගන්නා බව පොලිසිය පවසයි.
මහ සෙනඟක් එකතු වී කටුගස්තොට පැරණි යකඩ පාලමට ගොඩ වී සිටීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක් අසීරුවෙන් වළකාගත් බව පොලිසිය පැවසීය. ඒ ආසන්නයේ ම මාර්ගයේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.
නගරයෙන් පිටත පෝලිම්වල ඇති වන ප්‍රශ්න නිසාවෙන්, ගැටුම් ගුටි කෙළි දක්වා වර්ධනය වන බවත් පොලිසිය කියා සිටී.
ඒ අතර මහනුවර නගරය දැඩි ලෙස අපිරිසිදු වී ඇති තත්වයක් ඇති බවයි වාර්තා වන්නේ. එක්ව සිටින ලක්ෂ ගණනක ජනතාවකට වැසිකිළි කැසිකිළි පහසුකම් සපයාගැනීමේ අර්බුදය නිසා තැන තැන කැලිකසල දමා යන බවත් දැනගන්නට ඇත.
දිනකට උපරිම වශයෙන් දළදා වන්දනාව කළ හැකි වන්නේ, ලක්ෂයකට ආසන්න පිරිසකට බවත් දැනටත් පොරොත්තු පෝලිම්වල ලක්ෂ 3කට ආසන්න පිරිසක් සිටින බවත් සැලයි. ඒ අනුව ඉදිරි දින තුනටත් පිරිස එක්ව තිබෙන බැවින් නැවත පිරිස් පැමිණීම ප්‍රශ්නය සංකිර්ණ කරන බව පෙනේ. අද (24) හෙට දිනයන්හි නොඑන ලෙස පොලිසිය විසින් පැවසුවේ එබැවිනි.