/ Mar 31, 2026

දලයි ලාමා ලෝක සාමය ඉල්ලයි!

ප්‍රචණ්ඩත්වය තවත් ගැටුම් ඇති කරන අතර, කල් පවතින විසඳුමක් ලබා ගත හැක්කේ සංවාදයෙන් පමණක් බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා රුසියාවේ සහ යුක්රේනයේ මෙන්ම මැද පෙරදිග සාමය සඳහා ආයාචනා කරමින් පැවසූහ.

X ගිණුමෙහි සටහනක් තබමින් 90 හැවිරිදි මෙම ආගමික නායකයා පැවසුවේ XIV වන ලියෝ පාප්තුමාගේ සාමය සඳහා වූ ඉල්ලීමට තමන් සහාය දෙන බවයි.

“ඉතිහාසය අපට නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ ප්‍රචණ්ඩත්වය තවත් ප්‍රචණ්ඩත්වයක් පමණක් ඇති කරන බවත් එය කිසි විටෙකත් සාමය සඳහා කල් පවතින පදනමක් නොවන බවත්ය,” යන්න දලයි ලාමාතුමා සඳහන් කරයි.

“මැද පෙරදිග හෝ රුසියාව සහ යුක්රේනය අතර අප දකින ඒවා ඇතුළුව ගැටුමට කල් පවතින විසඳුමක් සංවාදය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය තුළ මුල් බැස ගත යුතුය.ගැඹුරුම මට්ටමින් අපි සියල්ලෝම සහෝදර සහෝදරියන් බව අවබෝධ කර ගනිමින් ප්‍රවේශ විය යුතුය,” යන්න උන්වහන්සේ අවධාරණය කරයි.

“ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් ඉක්මණින් අවසන් කරන්නැයි මම ඉල්ලා සිටිමි, ඒ වෙනුවෙන් යාච්ඤා කරමි.” යනුවෙන් උන්වහන්සේ තවදුරටත් කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top