/ Jun 11, 2025

අනුර මගෙ හොඳ යාළුවා, ඒත් දැන් වෙනස් – දයාසිරි

Dayasiri talks about Anura

මේ දිනවල පුවත් මවන චරිතයක් වී සිටින බව පෙනෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මව්බිම ඉරිදා පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් පවසා තිබේ.

සම්මුඛ සාකච්ඡාවෙන් කොටසක් පහත පළ වේ.

ප්‍ර. අනුර දිසානායක ඔබේ හොඳ යාළුවෙක්නෙ. දැන් කතා කරන්නෙ එහෙම නැද්ද?

පි. ඔව්.. අනුර මගේ ඉතාමත් ළඟ යාළුවෙක්. කතා කරනවා… ඉතින් මගේ මොකක් හරි ප්‍රශ්නයක් කතා කරන්න දුරකතනය ගත්තොත් ඒක කතා කරනවා. වෙනසක් වෙලා නෑ. එතුමත් ඒ විදිහට තමයි දේශපාලනය කළේ. එතුමත් හොරුත් එක්ක ඩීල් දාලා නෑ.

ප්‍ර. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දැන් ජනාධිපති වෙලා. අනුර කුමාරගේ වෙනසක් දකිනවද ඔබ?

පි. නෑ.. එහෙම දෙයක් නෑ. ආණ්ඩු බලයක් ගත්තොත් කාට වුණත් ඕක තමා තත්වය. ජනාධිපති වුණත් කාට වුණත් වෙනදා හිටපු විදිහට ඉන්න බෑ. හැබැයි ඒක නම් අපි කලින් දැනගෙන හිටියා. නමුත් අනුර දිසානායක මහත්තයා ඒක දැනගෙන හිටියෙ නෑ. දැන් ඔහු හැසිරෙන විදිහ වෙනදා විදිහට වඩා වෙනස්.

අනුර බලය රැක ගැනීම සඳහා, බලය පවත්වාගැනීම සඳහා ඕනෑම දෙයක් කරන තත්වයකට පත්වෙලා තියනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top