/ Jun 20, 2025

පොලිස් භාරයේ සිටි තරුණයාගේ මරණය ‍: නීතිඥ සංගමයෙන් නිවේදනයක්

පසුගිය 01 වැනිදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය යෑම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් එම නිවේදනයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. මේ සම්බන්ධව තමන් සමීපව නිරීක්ෂණය කරන බවද පවසන සංගමය ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙවැනි සිදුවීම් වැලැක්වීම සඳහා දැඩි ප්‍රවේශමෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතු බවද කියා සිටී.

අත්අඩංගුවට පත් වන පිරිස් මරණයට පත් වීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවන බවත් එම සිද්ධීන්හි වරදකරුවන් අත්අඩංගුවට පත්වීම මන්දගාමී වන බවත් ඒ ගැන සිය කණගාටුව පළ කරන බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top