දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කළ වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි නමැති අයට ඇඹිලිපිටිය මහාධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කර තිබේ.
එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මොහු වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයෙකුව සිටි ටී. රංජිත් සොයිසාගේ ප්‍රබල දේශපාලන සගයෙකු වූ අලිබේබි ලෙස හඳුන්වන මොහු 2012 වසරේදී තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම මහත් ආන්දෝලනයට ලක් විය.
මෙවර පළාත් පාලන මැතිවරණයටද ඔහු තරඟ කරනු ලැබූ අතර ඒ දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය පක්ෂයෙනි. සභිකයෙක් ලෙස තේරී පත්වීමට ඔහුට නොහැකි වුවද මේ වන විටත් ඔහු ගොඩකවෙල සමූපකාර බලමණ්ඩලයේ උප සභාපති ධුරය හොබවනු ලබයි.