දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස කටයුතු කළ මහේෂි සූරසේන විජේරත්නගේ දියණිය අධිකරණය තුළදීම මරණ තර්ජන එල්ල කළ බවට එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි ඊයේ (4) අධිකරණයට පැමිණලි කළා ය.
වහාම ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කරන්නැයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන් අතර නඩු විභාගයේදී හෙළිදරව් වූයේ චූදිත වෛද්‍යවරිය සැත්කම් කළ රෝගීන්ගෙන් 70%ක් පමණ මියගොස් ඇති බවයි. සමහර රෝගීන්ට ඇය විසින් සැත්කම් 7-8 සිදු කර ඇති බවද අනාවරණය වී තිබේ.
වෛද්‍යවරියගේ නීතිඥයන් ඕනෑම ඇප කොන්දේසියක් මත ඇයට ඇප ලබා දෙන්නැයි ඉල්ලා සිටි අතර ලබන 8 වැනිදා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා ය.