ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තවත් 100කට ආසන්න පිරිසක් බරපතල තුවාළ ලබා ඇතැයි සඳහන්.
සිද්ධියෙන් තුවාළ ලත් පිරිස් වැඩි දුර ප්‍රතිකාර පිණිස සියොන් (Sion), ලොසේන් ( Lausanne) ජිනීවා ( Geneva ) සහ සුරිච් ( Zurich) හි රෝහල් වෙත ඇතුළත් කර තිබේ. බොහෝ රෝගීන් පිලිසුම් තුවාළ සහිතව රෝහල් ගත කර තිබේ.
මෙම ගින්න ඊයේ (01) අළුයම 1:30ට පමණ හටගෙන තිබුණි.
ගින්න හටගත් අවන්හල තුළ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම වාර්තාවලට අනුව එම සාදය සඳහා කොපමණ පිරිසක් සහභාගී වී සිටියා ද තහවුරු වී නොමැති අතර ගින්නට හේතුවද නිශ්චිතව හඳුනා ගෙන නැති බවත් ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට එරට පොලීසිය සැක පළ කර තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සේවකයින් 150ක් යොදවා තිබුණි.





