/ Aug 06, 2025

දේශබන්දු දොට්ට දමන විවාදය අද

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු විවාදයට ගැනීම අද (05)දිනට නියමිතව ඇත.

පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළ අතර යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව  සම්මත කර ගැනීමට හැකියාව හිමි වේ.

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු  ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top