2025 වර්ෂයේ දෙවැනි අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන් අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බවයි වාර්තා වන්නේ. ණය වාරිකයන් ලබා ගැනීමට නම් එම නිර්දේශය රජයට ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති.
කෙසේ වෙතත්, ජනපතිවරයාගේ පොරොන්දු අතර කලාපයේ විදුලි මිල අඩු ම රට බවට ශ්‍රී ලංකාව පත් කරන බවට සඳහන් විය.
35% විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කෙරුණ ද 18%ක විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.