රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු පාසල් පැවැත්වීමේ කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ.
2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 – ප.ව 1.30 ලෙස නොවෙනස්ව පවතියි.
ඒ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වේ.





