/ Feb 11, 2026

කථානායකට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට තීරණය කරයි!

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ලැබී ඇති පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

මෙම පැමිණිල්ල ගොණු කළේ ඇත්තේ වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසිනි.

අල්ලස් කොමිසම පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී එය විභාගයට ගැනීමට තීරණය කර ඇත.

එමෙන්ම වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක්ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කථානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය 02 වනදා ය. ඒ, වාහන අවභාවිතය, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම, නීතිවිරෝධී ලෙස රජයට අයත් නිලනිවාස දෙකක් භාවිතා කිරීම ඇතුළු දූෂණ චෝදනා 8ක් යටතේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top