/ Jul 27, 2025

ආරක්ෂක ලේකම් බීමතින් රිය පැදවීම: නඩුව නැවත අහන්න තීරණයක්!

Defense Secretary caught driving under the influence of alcohol

බීමතින් රිය පදවා වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් පාරේදී පසුගිය 2023 වසරේ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමාකි ජෙ.නි. පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව නැවත විභාගයට ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පාන්දෙණිය ඊයේ (14) නියෝග කර තිබේ.

මෙම නඩුවට අදාළ චෝදනා දෙකක් නීතිපති උපදෙස් මත කළ සංශෝධනය මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර ඇති අතර මුලින් නගා තිබු චෝදනා තුන යටතේ ම විභාගයට ගැනීමටයි ඇය නියෝග කර ඇත්තේ.

රිය අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, අපරීක්ෂාකාරීව රිය පැදවීම යන චෝදනා යටතේ නඩුව විභාග වෙනු ඇති.

හිටපු නි. පොලිස්පතිවරයා විසින් පදවන ලද මෝටර් රථය 2023 වසරේ ඔක්තෝම්බර් මස 28 දචා මැරයින් ඩ්‍රයිව්හි නවතා තිබු මෝටර් රථයක සහ බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

කෙසේ වෙතත් රිය අනතුරෙන් පසු තමාව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් බව කියමින් ජෙ.නි. පොලිස්පති සෙනෙවිරත්න විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කළ අතර අදාළ වාර්තාව නීතිපතිවරයාට බාර දීමෙන් පසු අපරීක්ෂාකාරිව රිය පැදවීම හා බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කර ගැනීම සුදුසු බව නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top