/ Jan 09, 2026

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ අයවැය:විපක්ෂ මන්ත්‍රීවරයෙකුත් අයවැයට අත උස්සයි!

ජාතික ජන බලවේගයට බලය හිමි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ 2026 වසර සදහා වන විශේෂ අයවැය නගරාධිපති පැරකුම් ශාන්තගේ ප්‍රධානත්වයෙන් මහ නගර සභා පරිශ්‍රයේදී ඊයේ (29) පැවැත්විය.

රැස්වීම ආරම්භයේදී දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 29 හා විපක්ෂයේ මන්ත්‍රීවරු 24 දෙනෙක් රැස්වීමට සහභාගි වූ අතර 2026 වසර සඳහා ඉදිරිපත්කල අයවැය ලේඛනයට පක්‍ෂව ඡන්ද 30 ක් ලැබී තිබුණි.

ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු 23 ක් සභා ගර්භයෙන් පිටවී ගොස් සිටී අතර එක් මන්ත්‍රීවරයෙක් පැමිණ නැත.

කෙසේවෙතත් විපක්ෂය නියෝජනය කළ සමාජ සාධාරණ පක්ෂයේ ස්වාධීන විපක්ෂ මන්ත්‍රීවරයාගේ සහය අයවැයට හිමිව තිබේ.

ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ 2026 අයවැය ජන්ද 30කින් සම්මත වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top