/ Jun 25, 2025

රත්නපුර ශික්ෂණ රෝහලේ ඩෙංගු පැතිරීමේ අවදානමක්: පාලනය කරමින් බව බලධාරීන් කියයි!

Dengue inside Ratnapura Hospital

රත්නපුර ශික්ෂණ රෝහලේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමෙන් එහි කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක්ද ඊට ගොදුරු වී ඇතැයි lankatimes පුවත් ආරංචිමාර්ග වාර්තා කළේ ය.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල වන රත්නපුර ශික්ෂණ රෝහල අතිවිශාල ජනතාවක් සේවය ලබා ගන්නා සහ නිතර ගැවසෙන තැනක් බැවින් මෙම තත්වය අවදානම් කරුණක් බව පැහැදිලි ය.

රෝහලේ ඇති කාණු සහ ජලය රැඳෙන ස්ථානවලින් මදුරුවන් බෝවන බව නිරීක්ෂණය වී ඇති අතර, එයට අමතරව රෝහලේ සිදුකරමින් යන ඉදිකිරීම් ස්ථානයකදී මෙම මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය වී තිබේ. එම ඉදිකීරම් ගොඩනැගිල්ලේ සේවකයන් විශාල පිරිසකට ද ඩෙංගු වැළඳී ඇති බවයි වාර්තා වූයේ.

කෙසේ වෙතත් අප අද (23) දින මේ සම්බන්ධයෙන් රත්නපුර ශික්ෂණ රෝහල් පාලනාධිකාරිය ඇමැතූ විට ඩෙංගු රෝගයේ ඉහළ යෑමක් ඇති නමුත් එය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ඔවුන් සඳහන් කළෝ ය.

රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලය අතර ඩෙංගු පැතිරීමේ තත්වය පිළිබඳව විමසීමේදී රෝහල් බලධාරියෙක් කියා සිටියේ, යම් ප්‍රමාණයකට ඩෙංගු වැළඳී ඇති බව සත්‍ය බවයි. ඒ අනුව අද දින (23) දින පෙරවරු 10 වන විට තත්වය රෝහලේ ප්‍රතිකාර ලබන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90කි. එයින් ඩෙංගු රෝගය වැළඳී තිබෙන රත්නපුර රෝහල් කාර්යමණ්ඩලයේ සංඛයාව 37කි.

අප හා සම්බන්ධ වූ රෝහල් ප්‍රකාශකයා කියා සිටියේ, ධූමායනය මගින් මදුරුවන් මරා දැමීම සහ රාත්‍රියේ පවා ක්‍රියාත්මක වෙමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි. මේ වන විට තත්වය අවදානම් සීමාවකට පැමිණ නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top