පසුගිය සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබා දුන් සියලු විපක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා පවසා සිටියේ සිය ආසනය තුළ විපක්ෂ කණ්ඩායම් ඡන්ද අල්ලස් ලෙස මත්ද්‍රව්‍ය බෙදා හැරි බවයි.
“පසුගිය මැතිවරණ කාලේ විපක්ෂ කණ්ඩායම් තමන්ගේ ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා දුන් බවට නි. අමාත්‍ය චතුරංග අබේසිංහ චෝදනා කරනවා. මැතිවරණය අමතක කරමු. නමුත් ඔහු නගන චෝදනාව බරපතළයි. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මත්ද්‍රව්‍ය බෙදා දුන් විපක්ෂයේ සියලු දෙනාගේ නම් ඇතුළු විස්තර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබා දෙන්න කියලා. ඒ වගේ ම එම තොරතුරු මැතිවරණ සමයේ පොලිසියට දැනුම් නොදුන්නේ ඇයි ද කියලාත් නි. ඇමතරිවරයා පැහැදිලි කළ යුතුයි.”
යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.