/ Aug 06, 2025

දේශබන්දු දොට්ට දමයි!

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිව ඇත.

යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමි නොවුනු අතර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ බවය.

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු  ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top