පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) පෙරවරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට පත්විය.
කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර, ඒ හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි.
එවැනි පසුබිමක් මත ඔහු මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයක දී අධිකරණයට ඉදිරිපත් කළත් ඔහුට ඇප ලැබුණේ නැහැ.
අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කර තිබුණේ.