/ May 30, 2025

වැලිගම සිද්ධිය ගැන දේශබන්දු කමිටුවට කී දේ

Deshabandu tells the committee about the Weligama incident

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා පරීක්ෂා කිරීමට පත් කර ඇති ත්‍රිපුද්ගල කමිටුව ඊයේ (28) රැස්වූ අතර කරුණු දැක්වීම්වලදී දෙපාර්ශ්වයේ නීතිඥයන් අතර උණුසුම් තත්වයක්ද හටගත් බව පැවසේ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් ඉදිරිපත් කළ ඇතැම් චෝදනා විත්තිකාර පාර්ශ්වය පිළිගත්තේ නැත.

මාතර, වැලිගම හෝටලයට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධ චෝදනාවේදී විත්තිකාර පොලිස්පතිද අදහස් දැක්වූ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හරක් කටාගේ දුරකතන දත්ත අනුව පුද්ගලයන් 149ක් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයාට නියෝග කළද යවනු ලැබුවේ කුමන කණ්ඩායමද යන්න තමා දැනුවත්ව නොසිටි බව කියා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top